Home » » Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle

Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ ලෝකයේම ජනප්‍රියතාවයට පත්වෙච්ච හැරී පොටර් කතා මාලාවේ පළමු වෙනි චිත්‍රපටයේ උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටයේ උපසිරැසිය නිර්මාණය කළේ, මං Subz Lk වෙබ් අඩවියත් එක්ක එකතු වී මුල්ම චිත්‍රපට දෙකට උපසිරැසි ලබාදීමෙන් පසුවයි. නිර්මාණය කළාට පස්සේ හිතුණා උපසිරැසිය දෙනවද නැද්ද කියලා. මොකද සෑහෙන දෙනෙක් මේ කතා මාලාව බලලා තියෙන නිසා. අනික සමහර අය කියනවා පරණ ඒවට සබ් දෙන්න එපා කියලා. කොහොම වුණත් පස්සේ චිත්‍රපට කිහිපයකටයි, එක් ටීවි සීරියස් එකටයි උපසිරැසි ලබා දෙන්න හිතපු නිසා මේ ගැන අමතක වෙලා ගියා. ආයෙත් දවසක මේක දැක්ක නිසා කරපු එකේ දෙන්න හිතුණා. ඒ විදියට තමා ඔන්න අද අරගෙන එන්න හිතුවේ.
ඉතින් මේ කතාව ගැන අමුතුවෙන්ම මුකුත් මතක් කරන්න ඕනේ නෑ කියලා හිතනවා. අනික මේ කතා මාලාව ගැන කියනවනම් විස්තරාත්මක ලිපියක් මගින් සඳහන් කරන්න පුළුවන්. මං හිතන්නේ නෑ කවුරුවත් ඒ හැටි ලිපි කියවන්න කැමැත්තක් දක්වනවා ඇති කියලා. ඒත් වෙනදා වගේම කෙටි හැඳින්වීමක් කරන්නම්.
බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන J.K. Rowling විසින් රචිත නවකතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇත.2001 වර්ෂයේ නොවැම්බර් මස 16වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ Harry Potter and the Sorcerer’s Stone නමිනි. Adventure, Family, Fantasy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා.

0 comments:

Post a Comment

Popular Posts

Video Of the Day

Facebook

 
Copyright © 2015 Sinhala Subtitle
Distributed By Gooyaabi Templates